Skip to content

ගවේෂ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි නවීණ තාක්ෂණයන්ට ඇලුම් කරන ඔබ වැනි නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සෑදුණු විනෝදාත්මක අධ්‍යාපනික ඇප් එකක්. ඉගෙන ගන්නවාට අමතරව ස්මාර්ට් ෆෝන් එක හරහා Python පරිගණක භාෂාවෙන් ESP32 අඩංගු ESP32 Devkit වැනි පරිපථ Bluetooth හරහා ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවත් මේ ඇප් එකේ තියෙනවා. මේ නිසා පරිගණකයක් නැතුව ඕන…

Notifications You must be signed in to change notification settings

gaveshalabs/gavesha-releases

Repository files navigation

gavesha-releases

ඔබේ ESP32 පරිපථය සඳහා ගැලපෙන ගවේෂ Bluetooth ප්‍රෝග්‍රෑමය මෙතැනින් බාගත කරන්න පුළුවන්.

ගවේෂ ගැන හැඳින් වීමක්

ගවේෂ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි නවීණ තාක්ෂණයන්ට ඇලුම් කරන ඔබ වැනි නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සෑදුණු විනෝදාත්මක අධ්‍යාපනික ඇප් එකක්. ඉගෙන ගන්නවාට අමතරව ස්මාර්ට් ෆෝන් එක හරහා Python පරිගණක භාෂාවෙන් ESP32 අඩංගු ESP32 Devkit, Magic:bit වැනි පරිපථ Bluetooth හරහා ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවත් මේ ඇප් එකේ තියෙනවා. මේ නිසා පරිගණකයක් නැතුව ඕනෙම තැනක සිට code ලියන්න, අත්හදා බලන්න, විවිධ නිර්මාණ කරන්න හැකියාව ඔබට ලැබෙනවා.

ගවේෂ ඇප් එක ESP32 පරිපථයට සම්බන්ධ කරන්න නම් මේ Git repository එකේ තියෙන ESP32 වල Bluetooth සක්‍රියකරවන ප්‍රෝග්‍රෑමය එහි ස්ථාපිත (flash) කරන්න ඕන. ඒ සඳහා අනුගමනය කරන්න ඕන පියවර මේ ලිපි ගොනුවේ අඩංගුයි.

ගවේෂ ගැන වැඩි විස්තර අලුත් නිවේදන දැනගන්න අපගේ Facebook පිටුව හා එක්වන්න.



** විශේෂ දැනුම් දීමක් **

ගවේෂ ඇප් එක දැන් බීටා ටෙස්ටින් සඳහා මුදා හැර තිබෙනවා. ගවේෂ අත්හදා බලන්න කැමති අය පහත තියෙන පෝරමය පුරවා ලියාපදිංචි වෙන්න.

බීටා ටෙස්ට් ලියාපදිංචි පෝරමය



ESP32 පරිපථයට ගවේෂ Bluetooth ප්‍රෝග්‍රෑමය ස්ථාපිත කරන අයුරු

  1. මුලින්ම මේ පිටුවේ තියෙන Bluetooth ප්‍රෝග්‍රෑමය රූපයේ පෙන්වා ඇති පරිදි බාගත කර ගන්න. එසේ බාගත කරගත් gavesha-releases-main.zip ෆයිල් එක සුදුසු තැනකට unzip කර ගන්න.

    download zip

  2. ESP32 පරිපථයට මේ ප්‍රෝග්‍රෑමය ස්ථාපිත කරන්න නම් Flash Download Tool කියන පරිගණක වැඩසටන අවශ්‍යය වෙනවාවෙනවා. එය espressif.com පිටුවෙන් රූපයේ පෙන්වා ඇති ආකාරයට බාගත කර ගන්න.

    download flash tool

  3. මෙසේ බාගත වෙන zip ෆයිල් එකත් සුදුසු තැනකට unzip කර ගන්න. ඉන්පසු එහි තියෙන Flash Download Tool එක විවෘත කර ගන්න.

    open flash tool

  4. විවෘත වෙන කුඩා වින්ඩෝවේදී පහත දැක්වෙන අයුරින් සැකසුම් සාදා ගෙන OK බොත්තම ඔබන්න.

    flash tool initial config

  5. දැන් ඔබේ ESP32 පරිපථය USB වයරයකින් පරිගණකයට සම්බන්ධ කර ගන්න. Windows Device Manger වෙත ගොස් ඔබේ ESP32 පරිපථයේ COM Port අංකය බලා ගන්න.

    find com port

  6. Flash Download Tool වැඩසටහනේ පහත දැක්වෙන අයුරින් සැකසුම් කර ගන්න.

    A. කුඩාවට ඇති […] බොත්තම ඔබා බාගත කරගත් gavesha-on-esp32.bin ෆයිල් එක තෝරා ගන්න.

    B. @ සලකුණ දකුණු පස ඇති කොටුවේ 0x1000 අගය ලියන්න.

    C. ඉදිරියෙන් ඇති Checkbox එක සක්‍රිය කරන්න.

    D. COM: ලැයිස්තුවෙන් ගැලපෙන COM port අංකය තෝරා ගන්න. Baud rate එක ලෙස 230400 තෝරා ගන්න.

    flash tool settings

  7. START බොත්තම ඔබන්න.

  8. ප්‍රෝග්‍රෑම්ය ESP32 පරිපථයට බාගත වෙනවා ඔබට පේනවා ඇති. එය සම්පූර්ණ වූ විගස කොල පාට කොටුවේ FINISH ලෙස සඳහන් වෙනවා. මෙතැන් පටන් ඔබේ ESP32 පරිපථය ගවේෂ ඇප් එකට සම්බන්ධ කරන්න පුළුවන්.

    flash done

About

ගවේෂ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරිගණක තාක්ෂණය වැනි නවීණ තාක්ෂණයන්ට ඇලුම් කරන ඔබ වැනි නව නිපැයුම්කරුවන් වෙනුවෙන් සෑදුණු විනෝදාත්මක අධ්‍යාපනික ඇප් එකක්. ඉගෙන ගන්නවාට අමතරව ස්මාර්ට් ෆෝන් එක හරහා Python පරිගණක භාෂාවෙන් ESP32 අඩංගු ESP32 Devkit වැනි පරිපථ Bluetooth හරහා ප්‍රෝග්‍රෑම් කරන්න හැකියාවත් මේ ඇප් එකේ තියෙනවා. මේ නිසා පරිගණකයක් නැතුව ඕන…

Topics

Resources

Stars

Watchers

Forks

Packages

No packages published